සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩෙවියට සාදරයෙන් පිළිගනිමු!
සිංහල බසින් ලියන බ්ලොග්කරුවන්ගේ එකමුතුවෙන් ගොඩනැඟුණු මේ සංසදය, බ්ලොග්කරුවන්ට අදාළ වූ තාක්ෂණික, භාෂාමය ආධාරෝපකාර සපයාගැනීමේත් බ්ලොග්කරුවන්ගේ සමාජීය භූමිකාව, අයිතීන් හා වගකීම් කෙරෙහි බැරෑරුම් අවධානය යොමු කරමින් පුළුල් සංවාදයක් ගොඩනැඟීමේත් අරමුණින් පෙරට යන සාමූහික ව්‍යාපෘතියක්.
අපේ ගූගල් සමූහය, #sinhalabloggers යන IRC වැනලය සහ මේ වෙබ් අඩෙවිය ඔස්සේ ඔබට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හා සම්බන්ධ වීමට පුළුවන්.
සිංහල බ්ලොග් සියල්ල එකම තැනකින් කියවීම සඳහා සිංහල බ්ලොග් කියවනයට පිවිසෙන්න. දැන් මොසිලා ෆයර්ෆොක්ස් සිංහල බ්‍රවුසරය ඔස්සේ ද සිංහල බ්ලොග් කියවනයේ සිරස්තල ඔබට දැකගත හැකියි.
