සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය ඉදිරිපත් කරන සමාරම්භක පොදු කටයුත්ත තමයි බ්ලොග් මැරතන් දිනය. මෙයට ආරම්භක ආවේශය ලැබුණේ ජාත්‍යන්තරව පවත්වන බ්ලොගතන් ඉසවුවෙන්. නමුත් සුළු සුළු වෙනස්කම් කීපයක් සහිත ව ශ්‍රී ලංකාවේ සිංහලෙන් බ්ලොග්කරණයේ යෙදෙන සහ යෙදෙන්න අපේක්ෂා කරන අයගේ සහභාගීත්වයට ගැලපෙන පරිදි සකසා ගත් මැරතන් ලිවීමේ දිනයක් තමයි මේ.
නිති අසන පැන | frequently asked questions
මොකක්ද මේ අලුත් අවුරුදු බ්ලොග් මැරතන් කියන්නෙ?
මෙය පැය විසි හතරේ සම්පූර්ණ දිනයක් තුළ අඛණ්ඩ ව මිනිත්තු 15 න් 15 ට බ්ලොග්කරණයේ යෙදීමේ උත්සවාකාරී අවස්ථාවක්. ලංකාවේ සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල නිමිත්තෙන් සිංහල භාෂා බ්ලොග්කරුවන්ගේ සමූහය මෙය සංවිධානය කරනවා.
මට සහභාගී වෙන්න පුළුවන් ද?
අනිවාර්යයෙන් ම පුළුවන්!
කොහොමද මම එකතු වෙන්නෙ?
පළමුවෙන් ඔබට බ්ලොග් එකක් තිබිය යුතුයි. බ්ලොග් අඩෙවියක් ඇරඹීම ඉතා සරල කටයුත්තක්. උපදෙස් අවශ්‍ය නම් මේ පිටුව බලන්න.
ඔබ මැරතන් සඳහා ඉදිරිපත් කරන බ්ලොග් අඩෙවියේ නම සහ විස්තර මෙන්න මේ පිටුවේ ප්‍රතිචාර (comments) යටතේ සඳහන් කරන්න. වලංගු ඊ මේල් ලිපිනයක් සහිත ව ලියන්න. එවිට අපට ඔබට දිනය, වේලාව හා වෙනත් විස්තර ඉක්මනින් දැනුම් දිය හැකි යි.
මෙය පැවැත්වෙන දිනය? ඇරඹෙන වෙලාව?
අප්‍රේල් මාසේ 18 වැනි සිකුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8 ට!
එතකොට සහභාගී වන අපට කරන්න තියෙන්නෙ මොකක්ද?
අපි නියම කරගන්නා ආරම්භක වෙලාවේ පටන් පැය 24ක් තිස්සේ මිනිත්තු 15න් 15ට බ්ලොග් සටහනක් පළ කළ යුතු යි. එක බ්ලොග්කරුවෙකුගෙන් සටහන් 96ක්! මැරතන් බ්ලොග්කරණයක්!
හරියට නූලට වෙලාවට පළ කරන්න ඕනද ? හපොයි!!!
නෑ නෑ මේක එහෙම දරුණු තත්වයක් නෙමේ. සුහද වැඩක් නෙ. දළ වශයෙන් පළ කරන්න. සෑම පැය බාගයක් තුළ දෙවරක් පළ වෙලා පැයක් ඇතුළත හතරවරක් පළ වෙන එකයි අවශ්‍ය. 15 වෙනි මිනිත්තුව ආසන්නයේ දී පළ කළාම ඇති.
තේමාවක් තියෙනවද?
කැමති නම් එක ම තේමාවක් ඔස්සේ ලියනත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ කැමති ඕනෑ ම ආකාරයකට නිදහසේ ලියන්නත් පුළුවන්. තීරණය ඔබේ අතේ!
කොච්චර දිගට ලියන්න ඕන ද? එක බ්ලොග් සටහනකට සීමාවක් තියෙනවද?
නෑ. ඔබ ලියන්නේ ඉතා කෙටි සටහනක්, කවියක්, වැකි කීපයක්, සජීවී පුවත් විචාරයක්, නැතහොත් නන්දෙඩවිල්ලක් විය හැකියි. මහා දිග ලිපියක්, ශාස්ත්‍රීය ලේඛනයක්, විචාරයක් වෙන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ බ්ලොග් සටහන් පළ කිරීම මගින් අඛණ්ඩ ව පැය විසි හතර පුරා සහභාගී වීම යි.
මගේ සාමාන්‍ය එදිනෙදා බ්ලොග් එක වෙනුවට මේ සඳහා ම හදපු එකක ලීවට කමක් නැද්ද?
කමක් කෑ කමක් නෑ. ඔබ කැමති නම් වෙනද ලියන බ්ලොග් එක ම මැරතන් එකට දාන්න පුළුවනි. නැත්නම් අලුතෙන් එකක් හදන්නත් පුළුවන්. තීරණය ඔබේ අතේ. හැබැයි වරද්දන්නෙ නැතුව ඔබ ඉදිරිපත් කරන බ්ලොග් අවෙඩියේ විස්තර මේ පිටුවට ඇතුළත් කරන්න!
මට ඉංග්‍රීසියෙන් ලියන්න බැරි ද?
බෑ. මේ අවස්ථාවේ පළ වෙන සටහන් සිංහල බසින් වීම අත්‍යවශ්‍ය යි.
මට සිංහලෙන් පරිගණකයේ ලියන්න සකස් කරගන්නෙ කොහොමද?
මෙන්න මේ උපදෙස් අනුව ඔබේ පරිගණකයට ගැලපෙන සිංහල පැකේජය ස්ථාපනය කරගන්න. ගැටලු මතු වෙනවා නම් #sinhala-bloggers යන ස්ථානයේ පිහිටි IRC පිළිසඳර කුටියට (chat room) පිවිස අපේ සාමාජිකයින්ගෙන් උදව් ලබා ගන්න. මේ සඳහා එක්කෝ කෙලින් ම මේ පිටුවට පිවිසෙන්න. නැතිනම් pidgin, ChatZilla, Xchat හෝ වෙනත් චැට් මෘදුකාංගයක් භාවිතා කරන්නත් පුළුවන්.
එසේත් නැති නම් සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් සමූහයෙන් උදව් ගන්න.
ඉතින් දිවා රෑ නැතුව මේ ලිවීමෙන් ලැබෙන පලප්‍රයෝජනය මොකක්ද?
කීපයක් තියෙනවා
![]()
1) බ්ලොග්කරුවන් අතර සුහදත්වය දියුණු කරන විනෝදාත්මක සංස්කෘතික ඉසවුවක්.
2) කිසියම් වැදගත් සමාජීය අංශයක් පිලිබඳ, තේමාවක් පිලිබඳ දැනුවත්භාවය
(awareness) පුලුල් කිරීමට දවසක්.3) සිංහල බසින් බ්ලොග් ලිවීම හා කියවීම ප්‍රචලිත කිරීමේ අවස්ථාවක්.
4) මෙතෙක් සිංහලෙන් ලියන්න කැමැත්තෙන් “වැට උඩ” සිටි අයට අත්හදා බැලීම
සඳහාත් අනිවාර්ය පාඨක පිරිසක් ලැබෙන අවස්ථාවක්5) ඉංගිරිසියෙන් බ්ලොග් ලියූ අයටත් අත්හදා බලමින් විනෝදයෙන් සිංහල බ්ලොග්
එකක් පටන් ගන්න හොඳ වෙලාවක්. ඒ වගේ ම සිංහල ඉංගිරිසි බ්ලොග් ප්‍රජාවන්
අතර අන්තර් ක්‍රියාවක් ඇති වෙන එකත් හොඳයි.6) අවශ්‍ය අයට පරිගණකයෙන් සිංහල ලිවීම සහ කියවීම සඳහා තාක්ෂණික උදව්
උපකාර ලබා දෙමින් “බෝට්ටුවට නංවා ගැනීමේ” අවස්ථාවක්![]()
මහ රෑ නින්ද නොයා ඉන්න මොකද කරන්න ඕන
සැරින් සැරේ සීතල වතුරෙන් නාන්න
![]()
තේ - කෝපි බොන්න
යාළු මිත්‍රයො කට්ටියක් එක තැනක එකතු වෙලා ලියන්න.
ජාලයේ ඉන්න සෙසු බ්ලොග්කරුවන් එක්ක පිළිසඳරේ යෙදෙන්න. freenode ඔස්සේ #sinhala-bloggers පිළිසඳර කුටියට (chat room) එන්න. twitter කරන්න.
සින්දු අහමින් ලියන්න. දරාගන්න පුළුවන් නම් අතරින් පතර බලන්න චිත්‍රපටි ටිකක් සූදානම් කරගන්න.
හැකි නම් නම් ගීතවල තාලයට නටන්න
![]()
