සියලු බ්ලොග් අඩවි වෙන වෙනම කියවනවාට අමතරව, සිංහල බ්ලොග් මැරතන් නරඹන්න තියෙන පහසුකම් මෙන්න මෙහෙමයි -
1. මැරතන් සින්ඩිකේටරය
http://marathon.sinhalabloggers.com
මෙහි සෑම මිනිත්තු 10-15 කට වරක් පල වන බ්ලොග් සටහන් සියල්ල දර්ශනය වනු ඇති. දැනටත් මෙහි බ්ලොග් ගණනාවක් දර්ශනය වෙනවා. මැරතන් දිනය වන විට සම්පූර්ණයෙන් සහභාගීත්වය තහවුරු කෙරුණු සියලු බ්ලොග් අඩෙවි මෙයට ඇතුළත් කෙරෙනවා. ඔබේ bookmarks අතරට මේ අඩෙවිය දැන් ම එක් කරගන්න!
2. combined feed. සහභාගී වන සියලු බ්ලොග්වල rss ගොනු කොට අප සපයන පොදු feed ධාරාව ගූගල් කියවනය (google reader) බ්ලොග්ලයින්ස් වැනි ඔබ භාවිතා කරන feed reader උපාංගය ඔස්සේ කියවන්නත් පුලුවන්. මෙය සපයන්නේ සින්ඩිකේටරයට අමතරව යි.
මෙතන ක්ලික් කරන්න. මේක වෙනම feed එකක්. යාහූ “පයිප්පයක්”
3. ක්ෂණික පණිවිඩ (Instant Messaging)
අලුතින් ම පළ වී ඇති බ්ලොග් සටහන් කෙලින් ම ඔබේ ගූගල් ටෝක් ගැජට්ටුවට ක්ෂණික පණිවිඩ ආකාරයෙන් ලබා දෙන blog notification සේවාව.
මේ පණිවිඩ ලබාගැනීම සඳහා ඔබේ google talk සබඳතා අතරට marathon@sinhalabloggers.com එකතු කරගන්න. ඉන් පසු අලුතින් බ්ලොග් සටහන් පළ වන වාරයක් පාසා ඔබට එමගින් දැනුම් දෙනු ඇති. එසේ ම top 5, top 10 ආදී වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාවක් යැවීමෙන් අලුත පළ වී තිබෙන බ්ලොග් සටහන් ද වහා ලබාගත හැකියි.
4. සිංහල බ්ලොග් මැරතන් twitter සමග එක් වීම. මේ සඳහා නම් ඔබට twitter ගිණුමක් තිබීම අවශ්‍යයි. ඒත් ඒක බොහොම සරල ඉක්මන් වැඩක්. මෙමගිනු් ක්ෂණික පණිවිඩ සහ ජංගම දුරකථනවලට දැනුම්දීම් එක් කරගන්න පුළුවන්. අනික අපි සියලු දෙනාත් විනෝදයට twitter කරන නිසා එතනට “set වීම” නිදිමත නැති වෙන දෙයක් වේවි
මැරතන් twitter පිටුව “follow කිරීම” අරඹා එහි තිබෙන Device Updates කොටස ON බවට පත් කරගන්න. ඔබේ gtalk සහ ජංගම දුරකථනය ඔබේ twitter ගිණුමට ඇතුළත් කරගන්න.
