උපදෙස් මාලාව
සිංහල බ්ලොග්කරුවන්නේ සංසදයේ Google සමුහයට ලිපියක් එවීමට පෙර
පැනයක් ඇසීමටපෙර කරුණාකර http://groups.google.com/group/sinhala-bloggers වෙත ගොස්, පැනය කෙටියෙන් සටහන් කොට Search This Group බොත්තම ඔබා, මේ පැනය කලින් ඇසූ එකක් දැයි බලන්න.
Subject / ඊමේල මාතෘකාව
තමන්ගේ පැනයට/අදහසට අනුව කෙටියෙන් යොදන්න.
Email Content / ඊමේල පණිවුඩය
- හැකි සෑම විටම සිංහල යුනිකේත යොදාගන්න, ඉංග්‍රීසි භාවිතය ගැටලුවක් නොවේ.
- කෙටියෙන් ඔබේ ගැටලුව/අදහස ඉදිරිපත් කරන්න.
- සැම විටම text ලෙස ඊමේල් එක එවන්න, HTML, ප්‍රමාණයෙන් විශාල, විවිධ වර්ණ වලින් ඇති අකුරු භාවිතා නොකරන්න.
- සිනහා මුනු :) :( භාවිතය ගැටලුවන් නැත.
- විශාල ප්‍රමණයේ අත්සන් (signature) භාවිතයෙන් වැලකී සිටින්න.
- පාසල් කාලයේ උගත් ආකාරයට, ලිපියක් ලියන ආකාරය යොදා ගැනීම උචිතයි.
- සැම විටම සියලු වයස් කාණ්ඩ වලට ගැලපෙන ලෙස බස හසුරවන්න.
- සැම විටම සිංහල බ්ලොග්කරණයට අදාල දෑ කතාකරන්න, සිංහල බ්ලොග්කරණයට අදාල නැති තාක්ෂණික ගැටලු ඇත්නම් http://groups.google.com/group/techkatha Google සමුහටය ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න.
When Replying / පිලිතුරු ඊමේල් යැවීමේදී
- සෑම විටම ඇසූ පැනයට යටින් පිලිතුරු ලියන්න.
- අනවශ්‍ය කොටස් මකන්න.
- වෙනත් සංවාදයක ලිපි මාලාවකට reply භාවිතාකර, එහි අන්තර් ගතය හා subject එක මකා, වෙන ගැටලුවක් ඉදිරිපත් නොකරන්න, සෑම විටම අලුත් ගැටලුවක් සදහා "Compose New" යොදාගන්න.
What NOT to do / නොකලයුතු දෑ
- තමන්ගේ බ්ලොග් අඩවිය සින්ඩිකේටරයට ඇතුලත් කිරීමට ඉල්ලමින්, Google සමූහයට ඊමෙල් එවීමෙන් වලකින්න, ඒ සදහා http://blogs.sinhalabloggers.com/add-blog/ වෙත යන්න.
- තමන්ගේ බ්ලොග් අඩවිය/බ්ලොග් ලිපි බලන ලෙස ඉල්ලා සිටිමින් ඊමේල් එවීමෙන් වලකින්න.
- වෙලදාම්/ප්‍රචාර කටයුතු සදහා Google සංසදය යොදා නොගන්න.
- Forward ලිපි එවීමෙන් වලකින්න.
- වෙන කතා බහක යන ලිපි මාලාවක් මැද්දෙන් වෙන ගැටලුවක්, අදාල නොවන දෙයක් ඉදිරිපත් නොකරන්න.
- අසභ්‍ය, වැඩිහිටියන්ට පමණක් වන දෑ එවීමෙන් වලකින්න.
- මෙහි පූර්ණකාලීනව වැඩකටයුතු කරන අය නොමැති බැවින් පැනයට පිලිතුරු ඉක්මනින් ලබා දෙන්නැයි ඉල්ලා සිටීමෙන් වළකින්න.
- එකම පැනය නැවත නැවත එවීමෙන් වළකින්න.
බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතියට ගරු කලද ඉහත නීතී/රීති වලට පටහැනි ඕනෑම දෙයක්, Google සමූහයට යැවීම වැලැක්වීමට, ඉවත් කිරීමට සිංහල බ්ලොග්කරුවන්නේ සංසදයේ කලමණාකරුවනට අයිතියක් ඇති අතර, ඔබව සංසදයෙන් ඉවත්කිරීමටද අයිතියක් ඇත.
සිංහල බ්ලොග් කියවනයට බ්ලොග් අඩවියක් ඇතුලත් කිරීමේදී
- ඇතුළත් කළ හැක්කේ සිංහල යුනිකේත මගින් ලියූ සිංහල බ්ලොග් අඩවි පමණි.
- ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට දින 14ක් දක්වා ගතවීමට ඉඩ ඇත.
- බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට නැවත නැවත ඉල්ලා සිටීමෙන් වලකින්න.
- දින 14ක් ඇතුලත ඔබගේ අඩවිය ඇතුලත වී නැත්නම් admin {at} sinhalabloggers {dot} com වෙත ලියන්න.
- ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් කල පසු, ඒ බව ඔබට ඊමේල් මගින් දැනුම් දෙනු ලැබේ.
- ඔබ ලියපු ලිපියක් සින්ඩිකේටරෙයේ දිස්වීමට පැය 1~2 දක්වා කාලය ගතවිය ගැක.
- දින 90 තුල අලුත් ලිපියක් නොලිව්වොත්, එය සින්ඩිකේටරයෙන් ඉවත් කිරීමට සිදුවෙයි.
- ඡායාරූප පමණක් හා සිංහල අන්තර්ගතය අඩු අඩවි ඇතුලත් නොකෙරේ. (ඡායාරූප බ්ලොග් එකක් නම් සිංහල අන්තර්ගතයක් ඇතුළත් විය යුතුයි.)
- විවිධ වයස් සීමාවල පරිශීලයකයන් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් ලියවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් (Content Warning සහිත හෝ රහිත) ඇතුළත් නොකෙරේ.
- වෙනත් අයගෙන් පිටපත් කළ ලිපි ඇතුළත් බ්ලොග් අඩවි, ස්පෑම් අඩවි ආදියද ඇතුළත් නොකෙරෙනු ඇත.
- බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට සුදුසු දැයි තීරණය කිරීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කලමණාකරුවන්ට අයිතියක් ඇත.
- ඔබ ඇතුළත් කරන අඩවියට එරෙහිව පැමිණිල්ලක්, නීති/රීති උල්ලංඝණයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව තීරණය කළමනාකාරිත්වය සතුවන අතර, ඒ බ්ලොග් අඩවිය සින්ඩිකේටරයට නුසුදුසුයැයි තීරණය වුවහොත් ඉවත් කෙරෙනු ඇත