කජු කනවා වගේ!
ඔබේම බ්ලොග් අඩවියක් ඇරඹීම අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් හරියට “කජු කනවා” වගේ ලේසි වැඩක්. ඔබට අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩයක් ලිවීමේ හා යැවීමේ හැකියාව ඇත් නම්, බ්ලොග් සටහන් ලිවීම හා පළ කිරීමත් අන්න ඒ හා සමාන බව කියන්න පුළුවන්. මේ තියෙන්නෙ අද තියෙන ප්‍රධාන පෙළේ නොමිලේ බ්ලොග් සේවි සපයන ජනප්‍රිය වෙබ් අඩෙවි කිහිපයක්:
www.blogger.com (උපකාරක වීඩියෝ පටයක් නරඹන්න)
www.wordpress.com
www.blogsome.com
www.livejournal.com
මේ සේවා සපයන්නන් හරහා ඔබේම බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ඔබට කල්තබා අවශ්‍ය එක ම දේ ඊමේල් - විද්‍යුත් තැපැල් ලිපිනයක් පමණයි. ඔබ Blogger වෙබ් අඩවියෙන් ඔබගේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට සිතනවා නම් ඔබට Google වෙතින් ලැබෙන GMail විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබාගැනීම ඉතාමත් සුදුසුයි. මොකද ඒ ඔබට GMail ලිපිනයක් ලබාගැනීමට, කරුණාකර www.gmail.com වෙත පිවිසෙන්න.
ඉහත කී වෙබ් අඩවි වල පහසුවෙන් ලියාපදංචි වීමෙන් ඔබගේම බ්ලොග් අඩවියක් ආරම්භ කළ හැකියි. එකක් දෙකක් නෙවෙයි! ඔබ කැමති ඕනෑම ප්‍රමාණයක්!
ඔබට ඔබ කැමති තේමාවකින්, ඔබගේම භාෂාවකින් ඔබේම බ්ලොග් අඩවියක් නිර්මාණය කර ඔබගේම ග්‍රාහකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීමට පුළුවන්. ඉහත කී සේවාවන් තුළ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබේම පාලක පැනලක් (Administration Control Panel) ලැබෙනවා ඒ හරහා ඔබගේ බ්ලොග් අඩවිය ඉතාමත් පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට පුළුවන්. ඔබට මෙසේ බ්ලොග් ආරම්භ කිරීම සම්බන්ධ ගැටලුවක් ඇත්නම් අපේ ගූගල් සමූහය වෙත පිවිස සිංහල භාෂාවෙන් ම උදවු උපකාර ලබාගන්න පුළුවන්.
අන්තර්ජාලයේ එක දිගට ඉන්න ඕන නෑ!
ඔබට එක දිගට අන්තර්ජාලය සමඟ සම්බන්ධවීමට තරම් සම්බන්ධතාවක් නැති නම්, ඔබට ඔබගේ පරිගණකට තුළ ස්ථාපනය කර ගනු ලබන බ්ලොග් ලිවීමේ මෘදුකාංගයක් භාවිතා කිරීමට හැකියි. මෙම මෘදුකාංග ක්‍රියා කරන ස්වරූපයෙන් සහ පෙනුමෙන් සාමාන්‍ය වදන් සැකසුම් (Word Processor) මෘදුකාංගයක් වගේ. එහි ඔබගේ බ්ලොග් සටහන් සටහන් කර තබා අන්තර්ජාලයට සම්බන්ධ වන වේලාවකදී ඔබගේ සටහන් අන්තර්ජාලයට මුදාහැරිය හැකියි. හරියට ඊමේල් පණිවිඩයක් ලියා සැණෙකින් යවනවා හා සමානයි! සිංහල සදහා ඉතා හොඳින් සහාය දක්වන මෙවැනි මෘදුකාංගයක් තමයි වින්ඩෝස් ලයිව් රයිටර් (Windows Live Writer)
වැඩි වැඩ වලට කැමති නම්…
බ්ලොග් අඩවියක් ඇරඹීමට අපට වෙනම වෙබ් ඉඩක් (Web Hosting Service), ඩොමේන් නාමයක් (Domain Name) හෝ වෙබ් අඩවි නිර්මාණකරණ (Web Designing) හැකියාවක් අත්‍යවශ්‍ය ම නොවුණත්, ඒ හැකියාව හා අඩුවැඩිය ඇත්නම් ඔබේ බ්ලොග් අඩවිය වඩාත් ආකාරයකින් පරිශීලකයින් වෙත ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා. ඔබට ඔබේම වෙබ් ඉඩක් තිබෙනවානම්, එයට PHP හා MySQL මත පදනම්වූ Wordpress විවෘත කේත (Open Source) වැඩසටහන ඔබගේ සේවාදායකයේ ස්ථාපනය කරගැනීමෙන් ඔබට ඔබගේම ඩොමේන් නාමයක් යටතේ හා ඔබේම වෙබ් ඉඩක් තුල බ්ලොග් එකක් ඉතාමත් පහසුවෙන් ආරම්භ කළ හැකියි. වර්ඩ්ප්‍රෙස් සමග ඔබේ ම නම යටතේ වෙබ් අඩෙවියක් ඇරඹීම ගැන වැඩි විස්තර www.wordpress.org වෙබ් අඩවියට පිවිසී දැනගත හැකියි.
ඔබට බ්ලොග් ලිවීමේදී ඇති වන ගැටලු විසඳාගැනීමට දැන් සිංහල භාෂාවෙන්ම පුළුවන්. අපගේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එක්වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කර සිංහල භාෂාවෙන්ම උපකාර ලබාගන්න අමතක කරන්න එපා
අපි ඔබ වෙනුවෙන් ඕන වේලාවක සූදානම්! එහෙම නැත්නම් IRC freenode ඔස්සේ #sinhalabloggers කියන චැට් කුටියට පිවිසෙන්න.
