සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

සිංහල බ්ලොග් අඩවියක් පටන්ගැනීම ඉතාම පහසුයි. කිසිදු වියදමක් නොකර නොමිලේ බ්ලොග් අඩවි සාදා දෙන සේවයකින් ඔබටත් දැන්ම බ්ලොග් අඩවියක් අරඹන්න පුළුවන්.

එයින් සේවා කිහිපයක් මෙන්න:


Blogger

Blogger ඔබ Blogger මගින් බ්ලොග් අඩවියක් සාදාගන්නට බලාපොරොත්තු වෙනවා නම් Gmail ලිපිනයක් තිබීම වාසිදායකයි. Blogger බලගන්වන්නේද Gmail බලගන්වන ගූගල් මගින් නිසා එකම පිවිසුමක් මගින් ඔබේ බ්ලොග් අඩවියද සාදාගන්නට පුළුවන්. Blogger හි බ්ෙලාග් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා www.blogger.com වෙත පිවිසීමෙන් පසු ඔබට ජීමේල් ලිපිනයක් තිබේනම් එම ලිපිනයත්, මුරපදයක් සටහන් කර ඇරඹිය හැකියි. එසේ නොමැතිනම් Create a Blog මත ක්ලික් කරන්න.


WordPress.com

Wordpress WordpPress.com හි බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට එම අඩවිය වෙත පිවිස එහි ඇති Sign up Now මත ක්ලික් කරන්න. දැන් මෙම සේවාව සිංහල භාෂාවෙන්ද ලබාදෙන නිසා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරිමෙන් පසු එහි පාලක පැනලයෙන් ඔබට අතුරුමුහු‍ණතේ භාෂාව වෙනස් කරගන්නට පුළුවන්.


MyBlog.lk

myblog.lk මීට අමතරව අප සංසදය මගින් ලබාදෙන myblog.lk සේවය මගිනුත් ඔබට බ්ලොග් අඩවියක් අරඹන්නට පුළුවන්. මෙහි ක්‍රියාත්මක වන්නේත් WordPress අනුවාදයක් වන අතර පෙරනිමියෙන්ම එහි ලැබෙන්නෙ සිංහල අතුරු මුහුණතක්. මෙහි බ්ලොග් අඩවියක් නිර්මාණය කරගැනීමට අඩවිය වෙත පිවිස create a blog now මත ක්ලික් කරන්න.


WordPress

WordPress මේ ආකාරයෙන් බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ඔබට කිසිදු ක්‍රමලේඛණ (programming) දැනුමක්, වෙබ් නිර්මාණය (web developing) පිලිබඳ දැනුමක් හෝ මහලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැති බව කිව යුතුයි. එම සේවා සකසා ඇත්තේ ඕනෑම පරිශීලකයෙකුට ඉතා පහසුවෙන් ඉගෙනගෙන භාවිතා කල හැකි ආකාරයකට. ඔබ වෙබ් නිර්මාණය ගැන දැනුමක් ඇත්තෙක් නම්, ඔබටම ඩොමේනයක් හා වෙබ් ස්පේස් එකක් ඇත්නම් වඩාත් අලුත් ආකාරයකට ඔබේ බ්ලොග් අඩවිය ඉදිරිපත් කරන්නත් පුලුවන්. ඒ Wordpress නම් ලෝ සුපතල වෙබ් මෘදුකාංගය ඔබේ සර්වරයක පිහිටුවීමෙන්. මේ සම්බන්ධ සියලු විස්තර www.wordpress.org මගින් ලබාගත හැකියි. මලින්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් WordPress මෘදුකාංගය සිංහලයට ද පරිවර්තනය වී ඇති අතර එම සිංහල අනුවාදය si.wordpress.org මගින් ලබාගත හැකියි.

බ්ලොග්කරණයේදී ඔබට විවිධ ගැටලු මතු විය හැකි වුවත් ඒ පිලිබඳව බිය විය යුතු නැහැ. ඔබේ බ්ලොග්කරණය සම්බන්ධ සියලු ගැටලු වලට උදව් කිරීම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එක් ප්‍රධාන පරමාර්ථයක්. මෙසේ උදව් උපකාර ලබා ගැනීමටත්, අන් අයගේ ගැටලු වලට උදව් දීමටත් ඔබට අපේ ගූග්ල් සමූහය වෙත එක් වෙන්න පුලුවන්.