සිංහලෙන් බ්ලොග් අඩවියක් අරඹන්නට අවශ්‍ය වෙන එකම දැනුම සිංහලෙන් ටයිප් කිරීමේ දැනුම විතරයි කියලා කියන්න පුලුවන්. ඒත් මේකත් ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමෙයි වගේම ටයිප් කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඔබට පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න පුලුවන්. මේ ක්‍රම එකින් එක අපි විමසා බලමු.
සිංහල යතුරු ලිවීම සඳහා තියෙන සම්මත යතුරු පුවරුව තමයි විජේසේකර නමින් හඳුන්වන්නේ. ඔබ සිංහල ටයිප්රයිටර දැක ඇත්නම් එහි අකුරු පිහිටන ආකාරය තමයි මෙම විජේසේකර සම්මතය. නමුත් ටයිප්රයිටරයේ ඇති පුවරුව 2004 දී මදක් වෙනස් කර යුනිකෝඩ් වලට සම්මත ක්‍රමයක් සකසනු ලැබුවා. දැන් භාවිත වන විජේසේකර යතුරුපුවරුව එයයි.
අනෙක් ප්‍රධාන වාසිය නම් මෙය සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීමේදී ඒ සමගම ලැබීම. විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීමට වෙනත් බාහිර ප්‍රෝග්‍රෑම් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කල පසු ඔබේ System Tray එක අසල "EN" යනුවෙන් දකින්නට ලැබෙනවා ඇති. (මෙය නොපෙනේ නම් Language Bar එක දිස්වීමට සකසා ගන්න) එය මත ක්ලික් කිරීමෙන් ලැබෙන ලයිස්තුවෙන් "SI" තෝරා ටයිප් කිරීමෙන් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන්.
යතුරු පුවරුවේ සැකැස්ම බලා ගැනීමට මෙම pdf ගොනුව බලන්න.
සිංග්ලිෂ් කියන්නේ ඔබ සියලු දෙනාට ආගන්තුක දෙයක් වන්නට බැහැ. SMS එකක් යැවීමේදී අප සියලු දෙනා එය භාවිතා කරනවා. උදාහරණයක් විදියට "මට බඩගිනියි" කියලා අපි ලියනවා "mata badaginiy" කියලා. මෙහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කර එය සිංහල යුනිකෝඩ් බවට හරවාගතහැකි ක්‍රම තිබෙනවා. ඉන් කීපයක් විමසා බලමු.
මෙම යතුරු පුවරු වලින් ටයිප් කිරීමට ඇඟිලි භාවිත කල යුතු නැති අතර එක එක අකුරු වලට අදාල බොත්තම් මවුස් එකෙන් ක්ලික් කර යුනිකෝඩ් අකුරු ලබාගත හැකියි. මෙය තරමක් කරදරකාරී ක්‍රමයක් වුවත් කිසිදු ක්‍රමයක් භාවිතයට ගත නොහැකි හදිස්සියකදී ප්‍රයෝජනවත් යමක්. UCSC මගින් නිපදවූ තිරය මත යතුරු පුවරුව මෙම යොමුවෙන් ලබාගත හැකි අතර, ඔබේ වෙබ් අඩවියට හෝ iGoogle පිටුවට එකතු කල හැකි Google Widget එක මෙම යොමුවෙන් ලබාගත හැකියි.